Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

පෙන් ඩ්‍රයිව් වලින් හොර රහසෙම කොම්පීතරේට රිංගන වයිරස් වලට උත්තරයක්-USB AV virus Guard

                                                       
අපෙ ‍කොම්පීතරේට වයරස් රිංගන තවත් ක්‍රමයක් තමා පෙන් ඩ්‍රයිව්. ඉතිං ගොඩක් වෙලාවට වෛරස් ගාඩ් තිබුනත් අප්ඩේට් කරලා නොතිබුනොත් බඩු බනිස් තමා. ‍හේතුව තමා ගොඩක් වෛරස් පොග්‍රෑම් කරල තියෙන්නෙ පෙන් එක ඕපන් කරපු ගමන් රන් වෙන විදියට. ඉතිං මේකට හොදම උත්තරේ USB AV virus. පෙන් එකක් විතරක් නෙවේ වෙනත් ඕනම පොර්ටබල් ඩයිවරයක් ගහපු ගමන්ම ඔටෝ වයරස් ස්කෑන් කරනවා. දැනට තියෙන ‍වයිරස් ගාඩ් එකත් එක්ක කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න  පුලුවන්. බාගෙනම බලන්නකෝ එහෙන්ම්.


11MB
LINK 1
LINK 2


පරිගණකයේ සිදු කරන ඕනම වැඩක් වීඩියෝ කරන්න-Desktop Activity Recorder

                      


අපි කොම්පීතරේ කරන ඕනම ක්‍රියාකාරකමක් වීඩියෝවක් විදියට ලබා ගැනීමට Desktop Activity Recorder පට්ට භාණ්ඩේ.ජනප්‍රිය වීඩියෝ ෆොර්මැට් දෙකක් වන AVI,SWF වලින් අපිට අවශ්‍ය විදියට,අවශ්‍ය තැනකට අවුට්පුට් වීඩියෝ එක ලබා ගැනීමට පුලුවන්.
වීඩියෝ ටියුටෝරියල්,ප්‍රසන්ටේෂන්,පෙරදැක්වීම්(Trailer) සකස් කිරීමට ප්‍රයොජනවත් සොෆ්ටුවක්.ෆයිවර් වල සේල් කරන අයට තමන්ගෙ ගිග් එකට වීඩියෝවක් දාන්නත් නියමයි.තව මීටරේ පොඩ්ඩක් කරකලා බලන්නකෝ.වැඩ දාහක් කර ගන්න පුලුවන්.එහෙනම් බා ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.

3 MB
LINK 1
LINK 2

ඩිලීට් කරන්න බැරි ෆයිල් ඉවරක් කරගන්න-Unlocker



අපි කොම්පීතරේ ෆෝමැටි කරලා  කාලයක් යනකොට එහි ඇති ෆයිල්ස් අපිලිවෙල වෙනවා.සමහර සොෆ්ටු අන්ස්ට්‍රෝල් කරාම තවත් කෑලි ඉතිරි වෙනවා.තවත් සමහර සෙටප් ෆයිල්,වෛරස් එහෙමත් කොම්පීතරේ එක එක තැන් වල ලැග ගන්නවා.ඉතිං මේව අපි ඩිලීටි කලාම කෑලි,කෑලි ඉතිරි වෙනවා.ඒ ඉතිරි වෙන කෑලි කොච්චර තැටමුවත් ඩිලීට් කොරන්න තියා,අඩුම තරමේ මූව් කොරන්න,රීනේම් කොරගන්නවත් බෑ.ඇක්සෙස් ‍ඩිනයිඩඩ් කියලා වැටෙනවා.ඔයාලටත් අනිවා මේ වගේ ෆයිල්ස් මුන ගැහිලා ඇති.
ඒ වගේ ෆයිල්ස් මට්ටු කරන්න Unlocker කිරි ගහට ඇගිල්ලෙන් ඇන්න වගේ තමා.;-) ඉන්ස්ට්‍රෝල් අවශ්‍ය නෑ.32 බිට් සිස්ටම් අය x86 ෆෝල්ඩරයත්,62 බිට් සිස්ටම් අය x64 ෆෝල්ඩරයත් පාවිච්චි කොරන්ට ඈ.මේකෙන් හොල්ලන්නවත් බැරි ෆයිල්ස් රීනේම් කොරන්න,මූව් කොරන්න,ඩිලීට් කොරන්න පුලුවන්.ඔය ඔපරේටින් සිස්ටොම් එකේ ෆයිල්ස් එහෙම ඩිලීට් කොරගෙන අපිට එහෙම සෝලි තියනව එහෙම නෙවේ.එහෙකම් බා ගමු.ගොහින් එඤ්ඤම්.


0.1MB
LINK 1
LINK 2


මළගිය වුන් නැවත ගෙන්වනු ලැබේ-File Scavenger v3.0




අපි හිතාමතා,අහම්බෙන් හෝ අත් වැරදීමකින් ඩිලීට් වු ෆයිල්ස් නැවත කොම්පීතරය වෙත ගෙන්වා ගැනීමට File Scavengerඋදව් වෙයි.රිකවරි සොෆ්ට්වෙයා එකක් කියපුවාම තමා ගොඩක් අය දන්නේ.හැබැයි මේක තවත් එක රිකවරි  සොෆ්ට්වෙයා එකක් නම් නෙවේ.අනෙකුත් රිකවරි සොෆ්ට්වෙයා එක්ක ගත්තම  ඊට වඩා File Scavenger ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.32 බිට්,64බිට් ඕනෑම ඔපරේටින් සිස්ටම් එකකට සපෝට් කරනවා.හාර්ඩ් ඩ්‍රයිව්,පෙන් ඩ්‍රයිව්,මෙමරි කාර්ඩ් ඕනෑම එකක ෆයිල්ස් රිකවරි කර ගන්න පුලුවන්.
රිකවරි සොෆ්ට්වෙයා එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නෙ නැති අයට....මම අර උඩ කීවා වගේම මේකමළගිය වුන් නැවත ගෙන්වීමක් වගේ දෙයක්.අප විසින් කුමන හෝ ආකාරයකට ඩිලිට් වූ ෆයිලයක් නැවත ලබා ගැනීමයි මෙයින් සිදුවෙන්නේ.ඉතිං මේක මැජික් එකක්ද?ඇත්තටම නෑ.අපි සේව් කරන ඕනම ෆයිලයක් සේව් වෙන්නේ බින්දුව සහ එක කියන අංක දෙකෙන් කියල ඔයාල දන්නවනේ.ඔය වගේ ෆයිලයක් සේව් වෙන්නේ හරියට කාමරයක් වගේ එකක් තුල.ඒකකට අපි සෙක්ටර් එකක් කියනවා.ෆයිල් එකේ සයිස් එකේ හැටියට මේ සෙක්ටර් ගාන වැඩි වෙනවා.ඉතිං අපි ‍ෆයිල් එකක් ඩිලීට් කලාම වෙන්නේ මේ කාමරේ කැමති එක්කෙනෙකුට ඇවිත් ඉන්න පුලුවන් විදියට දොර ඇරලා දැමීමක්.ඒ සෙක්ටර් එකේ තව කවුරු හරි ඇවිත් පැල පදියම් වෙනම් අර පෙර තිබු ෆයිලය අයින් වෙන්නේ නෑ.රිකවරි සොෆ්ට්වෙයා එකකින් වෙන්නේ මේ ඇරල දාල තියෙන කාමර වල ඉන්න අය අපට අය හොයලා දෙන එක.File Scavenger මගින් මෙම කාරිය වඩාත් සුමටව කරනවා.තේරුම් නැත්තම් මේ ගැන වැඩිය හිතන්න එපා.
පළමුව සොෆ්ටුව බාගෙන සාමාන්‍ය විදියට ඉන්ට්‍රෝල් කර ගන්න.දැන් ‍සොෆ්ටුව ඕපන් කරගෙන සර්ච්‍ මොඩ් එක තෝර ගන්න.සාමාන්‍යයෙන් රිකවරි කරන්නේ ලගදි ඩිලීට් කරපු ෆයිලයක්නම් ක්වික් සර්ච් දෙන්න.ලුක් ඉන් තුල ෆයිලය තිබු ඩ්‍රයව් එක තෝරා ගන්න.සර්ච් ෆෝ යන්නට අදාල ෆයිලයෙහි නම දෙන්න.රිකවර් ටු තුලට ෆයිලය නැවත ගෙන්විය යුතු පාත් එක දෙන්න.දැන් ඉතිං සර්ච් කොරලා බලන්න.මලගිය වුන් පැමිණේවි.ඔබට ජය.


5.5MB
LINK 1
LINK 2

ට්‍රයල් වර්ෂන් සදාකාලිකව ඔබේ කර ගන්න-Time Stopper



වාණිජමය මෘදුකාංගත් එක්ක අපට ඇතිවන ලොකුම ප්‍රශ්නෙ තමා කාලයත් එක්ක කල් ඉකුත් වෙන එක.අවුට් ඔප් ඩේට් කියල තමා සිංහලෙන් කියන්නේ.:-P කොහෙන් කොහොම හරි කොරල හොයාගෙන ක්‍රැක් කොර ගත්තත් අවුරැද්දයි දෙකයි.ඊට පස්සෙ හුලං තමා.මේ ටයිම් ස්ටොපර් සොෆ්ටුවෙන් අපිට හම්බ වෙන ට්‍රයල් වර්ෂන්,සීමිත කාලයකට ක්‍රැක් කර ගත්තු සොෆ්ටු සදාකාලිකව තියා ගන්න පුලුවන්.
වැඩි දෙයක් නෑ,ඉස්සරෝම බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කර ගත්තාම අපි ප්‍රධාන වශයෙන් ඇතුලත් කල යුතු කරණු 3යි.බ්‍රවස් කියන තැනින් අදාල සොෆ්ටුවේ(ට්‍රයල් වර්ෂන් එකේ)සෙටප් ෆයිලය තෝරන්න.චූස් ද නිව් ඩේට් තැනට ඔබ මෙය ඉන්ස්ට්‍රෝල් කරන දිනයත්,ට්‍රයල් වර්ෂන් එක කල් ඉකුත් වන දිනයත් අතර දිනයක් දෙන්න.දැන් එන්ටර් නේම් ෆෝ ඩෙස්ක්ටොප් අයිකන් තැනට ඔයාල කැමති මතක තියෙන නමක් දෙන්න.දැන් ඉතිං ඔයාල හදා ගත්ත ෂෝක් ෂෝට් කට් එකෙන් අදාල  සොෆ්ටුව ඕපන් කරගෙන ජීවිතාන්තය දක්වා වුනත් භාවිත කරන්න පුලුවන්.හැම වෙලේම අර ඩෙස්ක්ටෝප් එකේ හදා ගත්ත ෂෝට් කට් එකෙන් විතරක් සො‍ෆ්ටුව ඕපන් කර ගන්න මතක තියා ගන්න.එච්චරායි.


1.2 MB



අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank



ඔබ කොච්චර ආදායමක් ලැබුනත් එය නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ.හෝම් බෑන්ක් ඔබගේ බජට් එක සැලසුම් කල හැකියි.පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කල හැකියි.අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්.ඒ වගේම මෙම සොෆ්ටුව භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.එහෙනම් බා ගන්න ඈ.


7.63 MB



ඕන ලෙඩකට එකම තෛලය,ඕල් ඉන් වන් වෙබ් බ්‍රවුසරයක්-Torch Browser


අන්තර්ජාලයේ සැරිසරන්න විවිධ වෙබ් බ්‍රවුසර,ඩවුන්ලෝඩ් කරන්න ඩවුනලෝඩ් මැනේජර,ටොරන්ට් බාන්න ටොරන්ට් ක්ලයන්ට් වෙනම වෙනම ඉන්ට්‍රෝල් කරගෙන දගලලා ඇති වෙලා ඉන්න අයට හැම දේම එකම වෙබ් බ්‍රවුසරයයකින් කර ගන්න පුලුවන්.ටෝච් බ්‍රවුසර් එක කියන්නේ,ගූගල් ක්‍රෝම් තුලින් සංවර්ධනය කරපු සංවර්ධනය කරපු වෙබ් බ්‍රවුසරයක් කීවොත් වඩාත් නිවරදියි.මෙය මගින් ගූගල් ක්‍රෝම් මගින් ලබා ගත් සෑම ප්‍රයොජනයක්ම ලබා ගන්න පුලුවන්.ඊට අමතරව ඩවුනලෝඩ් කිරීම සදහා වෙනම ඩවුන්ලෝඩ් ඇක්සලේටරයක්,ටොරන්ට් බාන්න ටොරන්ට් ක්ලන්ට් වැඩ සටහනක්,ඩැග් & ඩ්‍රොප් කරල සර්ච් කරන්න-ෂෙයා කරන්න ලේසි ක්‍රමයක්,මීඩියා ෆයිල් ලේසියෙන්ම සේවි කරන්න.. වගේ වැඩ ගොඩක් ගන්න පුලුවන්.ඉතං ආයෙ මොන කතාද,සුපිරිම තමා.බා ගන්න ඈ.


47 MB

සමහර වෙලාවට මේ ලින්ක් එක ගූගල් ක්‍රෝම් වල වැඩ නෑ.එහෙම වුනොත් වෙන බ්‍රවුසරයකින් ට්‍රයි කරලා බලන්න.ෆයර් ෆොක්ස් වල නම් එල කිරියට වැඩ.


අදහස්

HTML Comment Box is loading comments...