Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

කොපි කරන්න බැරි සීඩී/ඩීවීඩී මට්ටු කරමු-DAEMON Tools Lite 4.4



සාමාන්‍යයෙන් සීඩී හෝ ඩීවීඩීයක් කොපි,පේස්ට් කිරීම මගින් එහි ඇති දත්ත පරිගණකය වෙත ලබා ගන්න පුලුවන්.එසේ කොපි කර ගැනීමට නොහැකි සමහර සීඩී/ඩීවීඩී තැටි ඔබට අනන්තවත් ලැබිලා ඇති.මේ කියන්න යන්නේ එසේ කොපි කර ගත නොහැකි සීඩී/ඩීවීඩී තැටි කොපි කරන ආකාරය පිලිබදවයි.
#ඩීමොන් ටූල්ස් මෘදුකාංගයෙන් අපට ලබා ගත හැකි ප්‍රධාන භාවිතාවන් දෙකකි.

1.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ධාවනය සදහා වර්චුවල් තැටි ධාවකයක් සකස් කර ගත හැකි වීම.
සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයට ඩීමොන් ටූල්ස් ඉන්ට්‍රෝල් කර ගත් විට ඔබේ පරිගණකයෙහි ඇති තැටි ධාවකයට අමතරව තවත් තැටි ධාවකයක් මයි කොම්පියුටර් හි පෙන්වාවි.එය ඩීමොන් ටූල්ස් මෘදුකාංගය විසින් සකස් කරන ලද වර්චුවල් තැටි ධාවකයයි.ඔබ සකස් කර ගන්නා ‍සීඩී/ඩීවීඩී ඉමේජ් ෆයිලය(කොපිය) ධාවනය වන්නේ මෙම වර්චුවල් ධාවකය හරහායි.පහත වීඩියෝව තුලින් මෙය හරියාකාරව තේරුම් ගැනීමට පුලුවන්.



2.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ඉමේජයක් හෙවත් කොපියක් සකස් කර ගත හැකි වීම.
ඔයාලට මතක ඇති සීඩී සපෝට් ගේම්.සමහරවිට තාමත් සෙල්ලම් කරනවත් ඇති.ඉතිං මෙවැනි ගේම් සෙල්ලම් කිරීම සදහා ඔබට අදාල ගේම් එකෙහි සිඩී එක් අවශ්‍ය වෙනවා.එවිට මෙම මෘදුකාංගය හරහා මෙහි ඉමේජයක් සකස් කර ගන්න පුලුවන්.මේ ඉමේජය නැවත දිග හැර ගැනීම ඉහත 1හි කී ආකාරයට කරන්න පුලුවන්.තව බූටබල් සීඩී,ඔටෝ රන් වන සීඩී ඒ ආකාරයෙන්ම කොපි කර ගැනීමටත් මේ හරහා පුලුවන් iso සහ mds යන ඉමේජ් ෆෝමැට්ටු දෙකෙන් කැමති ෆෝමැට්ටුකින්ඉමේජ් ෆයිලය සක්ස් කර ගත හැකියි.ඒ වගේම b5t,b6t,bwt,ccd,cdi,cue,nrg,pdi,isz වැනි ඉමේජ් ෆයිල් ෆෝමැට්ටු රාශියකට මෙම මෘදුකාංගය සහය දක්වනවා.ඉමේජ් ෆයිලයක් සකස් කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.



ඔන්න එහෙනම් බා ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.


12.8 MB


0 comments

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...