
Google Glass යනු තවත් එක් ඉලෙක්ට්‍රොනික් උපකරණයක් නොවේ. එය මෙපමණ කාලයක් අප ජීවිතය ගතකල ආකාරය විශාල වෙනසකට ලක්කළ හැකි නවමු නිපැයුමකි.
මීට ශතවර්ෂයකට වඩා වැඩි කාලයකට පෙර දුරකථනය නිපදවූ විට හෝ 1970 දශකයේදී ජංගම දුරකථනය නිපදවූ විටදි හෝ එය මෙතරම් අප ජීවිතය බලපෑමක් වේ යැයි නොසිතු බව අප සැමවිටම සාකච්චා කරන මාතෘකාවකි. එලෙසින්ම මෙම Google Glass සංකල්පය විශාල වෙනසකට මග පාදන බවනම් සහතිකයි. ඔබ මෙතෙක් කලක් රැගෙන ගිය Smart ජංගම දුරකථනය හෝ කැමරාව සිදුකල කාර්ය ඔබ පළදින උපැස් යුවල සිදු කලහොත් කෙසේ හැගේවිද?
පරිගණක ක්‍රීඩා වල යෙදෙන ඕනෑම කෙනෙක්, FPS ක්‍රීඩාවක යෙදෙනේ නම්, ඔබට ලැබෙන පණිවවුඩ, අදාල mission එකට අදාල තොරතුරු, ඉතුරු වී ඇති උණ්ඩ ප්‍රමාණය යනාදී සියල්ලම ඔබගේ දර්ශන පථයේ කෙළවරවල් වල දක්නට ලැබෙනනේය. [මම FPS තෝරා ගත්තේ එය ඔබට පෙනෙන ආකාරය හුවා දක්වන බැවිනි. නැත්නම් ඕනෑම පරිගණක ක්‍රීඩාවක මේවා දක්නට ලැබෙනවා.] මේ අකාරයටම Google Glass ඔබේ දර්ශන පථයේ දකුණු පස ඉහල කෙලවරේ Options රාශියක් සහිත තිරයක් පෙන්වනු ඇත.
එහෙම අමාරුයිනේ!! නෑ, මෙය භාවිත කල මාධ්‍ය වේදීන් පවසන්නේ මුලින්ම පැළදු විට එය අපහසු වුවද කාලයත් සමග එය ඔබගේ දර්ශනයේ කොටසක් බවට පත්වන බවයි. සාමාන්‍යයෙන් මෙය ඔබට වෙලාව පෙනුම්කරණ අතර ඉන් අනතුරුව අපගේ විධානයන්ට අනුව අපට අවශ්‍ය විවිඩ වැඩ කටයුතු සිදු කර දේ. මෙයට විදාන සැපයීමට අපගේ කටහඩ හෝ උපැස් යුවලේ දකුණු පස ඇති ස්පර්ශ සංවේදී කොටස භාවිතා කල හැක. අපගේ කටහඩින් පාලනය කරන විට “Okay Glass” යැයි පවසා අදාල විධානය ලබාදීම පමණක් සෑහේ.
ඉහත වීඩියෝ පටයේ දැක්වූ ලෙසම ඔබට ඕනෑම මොහොතක පින්තුරයක් ගැනීම, වීඩියෝ කිරීම, GPS භාවිතයෙන් මං පෙන්වීම [navigation], Google Search හරහා ඕනෑම දෙයක් සොයා ගැනීම වැනි බොහොමයක් දෑ තම කටහඩ ආදාරයෙන් පමණක්ම ඉතාමත් පහසුවෙන් සිදුකල හැකිය. මෙහි වැදගත්ම කරුනනම් තමා යෙදීසිටින ක්‍රියාවෙන් ඉවත් වීමට හෝ මෙම වීඩියෝ කිරීම වැනි බොහෝ කටයුතු නිසා තම කතාබහ වලට සහ එතන සිටින අයගෙන් වෙන් වීමට සිදු නොවීමයි. මෙම සියල්ලම නිසා අප සතුටු වූ මොහොතවල්, අපි එය දුටු ආකාරයටම, එම සිදුවීමට කිසිම බධාකිරිමකින් තොරව රසවිදින අතරම සදාකල් පවතින මහකයක් වන විඩීයෝපටයක්ද සැකසිය හැකිය! මේ ආකාරයට මෙම Google Glass ලබාදෙන සේවාවන් බොහොමයක්, අප ඒවා මෙතෙක් කල ආකාරයේ සිට තවත් ඉහල තලයකට ගෙනයනු ඇත!

එහෙත් මෙවැනි කරුණු නිසා තාක්‍ෂණික දියුණුව නැවතිමද විහිළුවකි. අවස්ථාව කොපමණ තිබුනද මිනිසාට මොලයක් සහ හදවතක් ලබදී ඇත්තේ එබැවිනි. මෙහි වැරදි භාවිත බොහොමයක් සිදුවනු ඇත. එය මිට පෙර පැමිණි මෙවැනි නවමු නිපැයුම් සමගද සිදුවිය. එම නිසා මෙය සමාජය බාරගන්න ආකාරය මෙය නිකුත් වූ විට අපට පහසුවෙන්ම දක්නට ලැබෙනු ඇත. එය හොද අතට යොමු වෙනු ඇතැයි ප්‍රර්ථනා කිරමට පමණක් අපට සිදුකල හැකිය.

Google Glass වර්ණ කිහිපයකින්ම නිකුත්වන අතර ඔබට ගැලපෙන වර්ණයෙන් අනාගතය වර්ණ ගැන්වීම ඔබ සතුය! මෙහි මිල වාර්තා වන ආකාරයට $1500ක් හෝ ඊට අඩු වනු ඇත. [$1500 ~ රුපියල් ලක්‍ෂ 2ක්] එය ඉතා ඉහල අගයක් ගත්තද, මෙය අපට ඉදිරිපත් කරන සංකල්පය මෙම මිලට ඉතාමත් අගනා බව සහතිකය!
PS : මෙම ලිපිය සම්පූරණයෙනම වාගේ පාදකවී තිබෙන්නේ THE VERGE නම වෙබ්-සගරාමය-අඩවියේ අන්තරගත ලිපියකිනි.
Google Glass Official වෙබ් අඩවීය.
0 comments
Post a Comment