Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

මළගිය වුන් නැවත ගෙන්වනු ලැබේ-File Scavenger v3.0




අපි හිතාමතා,අහම්බෙන් හෝ අත් වැරදීමකින් ඩිලීට් වු ෆයිල්ස් නැවත කොම්පීතරය වෙත ගෙන්වා ගැනීමට File Scavengerඋදව් වෙයි.රිකවරි සොෆ්ට්වෙයා එකක් කියපුවාම තමා ගොඩක් අය දන්නේ.හැබැයි මේක තවත් එක රිකවරි  සොෆ්ට්වෙයා එකක් නම් නෙවේ.අනෙකුත් රිකවරි සොෆ්ට්වෙයා එක්ක ගත්තම  ඊට වඩා File Scavenger ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.32 බිට්,64බිට් ඕනෑම ඔපරේටින් සිස්ටම් එකකට සපෝට් කරනවා.හාර්ඩ් ඩ්‍රයිව්,පෙන් ඩ්‍රයිව්,මෙමරි කාර්ඩ් ඕනෑම එකක ෆයිල්ස් රිකවරි කර ගන්න පුලුවන්.
රිකවරි සොෆ්ට්වෙයා එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නෙ නැති අයට....මම අර උඩ කීවා වගේම මේකමළගිය වුන් නැවත ගෙන්වීමක් වගේ දෙයක්.අප විසින් කුමන හෝ ආකාරයකට ඩිලිට් වූ ෆයිලයක් නැවත ලබා ගැනීමයි මෙයින් සිදුවෙන්නේ.ඉතිං මේක මැජික් එකක්ද?ඇත්තටම නෑ.අපි සේව් කරන ඕනම ෆයිලයක් සේව් වෙන්නේ බින්දුව සහ එක කියන අංක දෙකෙන් කියල ඔයාල දන්නවනේ.ඔය වගේ ෆයිලයක් සේව් වෙන්නේ හරියට කාමරයක් වගේ එකක් තුල.ඒකකට අපි සෙක්ටර් එකක් කියනවා.ෆයිල් එකේ සයිස් එකේ හැටියට මේ සෙක්ටර් ගාන වැඩි වෙනවා.ඉතිං අපි ‍ෆයිල් එකක් ඩිලීට් කලාම වෙන්නේ මේ කාමරේ කැමති එක්කෙනෙකුට ඇවිත් ඉන්න පුලුවන් විදියට දොර ඇරලා දැමීමක්.ඒ සෙක්ටර් එකේ තව කවුරු හරි ඇවිත් පැල පදියම් වෙනම් අර පෙර තිබු ෆයිලය අයින් වෙන්නේ නෑ.රිකවරි සොෆ්ට්වෙයා එකකින් වෙන්නේ මේ ඇරල දාල තියෙන කාමර වල ඉන්න අය අපට අය හොයලා දෙන එක.File Scavenger මගින් මෙම කාරිය වඩාත් සුමටව කරනවා.තේරුම් නැත්තම් මේ ගැන වැඩිය හිතන්න එපා.
පළමුව සොෆ්ටුව බාගෙන සාමාන්‍ය විදියට ඉන්ට්‍රෝල් කර ගන්න.දැන් ‍සොෆ්ටුව ඕපන් කරගෙන සර්ච්‍ මොඩ් එක තෝර ගන්න.සාමාන්‍යයෙන් රිකවරි කරන්නේ ලගදි ඩිලීට් කරපු ෆයිලයක්නම් ක්වික් සර්ච් දෙන්න.ලුක් ඉන් තුල ෆයිලය තිබු ඩ්‍රයව් එක තෝරා ගන්න.සර්ච් ෆෝ යන්නට අදාල ෆයිලයෙහි නම දෙන්න.රිකවර් ටු තුලට ෆයිලය නැවත ගෙන්විය යුතු පාත් එක දෙන්න.දැන් ඉතිං සර්ච් කොරලා බලන්න.මලගිය වුන් පැමිණේවි.ඔබට ජය.


5.5MB
LINK 1
LINK 2

0 comments

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...